Monday, 28 January 2019


Modern Triangle 5W LED Wall Sconce Light Fixture Indoor Hallway Up Dow $ 27.50






  • Material: Aluminum; Item Color: Silver & Black; Modern and fashion design, ideal for interior house use
  • Power: 5W, 400LM; Input: AC 85-265V 50/60Hz; Size: 23.5*11.7*3cm / 9.2*4.6*1.2"
  • Light Color: Warm white/Yellow (2700-3200K); Cool White (6000-6500K); Multi-Color (purple, blue, green, red, warm white); No UV or IR radiation
  • Stainless steel body with plating surface, durable and shining
  • Extremely long life, >50,000 hour'; Suitable for bedroom, bathroom, hallway, aisle use, etc.

Note: There is no plug and NOT battery powered. It is Hardwired and you need to hook up the wires with your home input system to make it work. 

Specifications: 

Material: Aluminum
Main color: Silver & Black
Power Supply: AC Powered (No plug)
Voltage: 86V-265V
Dimmable: No
Beam Angle: 120 degrees
Waterproof: No
Certification: CE/RoHS
Item Size: 23.5*11.7*3cm / 9.2*4.6*1.2"
Net Weight: 0.315kg / 11.1oz
Package Include: 1 * Triangle LED wall lamp; Some setting tools

Installation Steps: 

1.Using a screwdriver to screw out the bolts which connected the mounting base and lamp-chimney.
2.Fixing the mounting base on the wall(Wood metope, using self-tapping screw to fix; Cement metope, using electric drill to drill holes and then installing plastic Gecko, at length using bolt to fix).
3.Connecting the Power cord of the wall lamp to the family circuits(no distinction between the live line and zero line, one for live line and the other for zero line, if the wire were pretty long, please roll into a circle and place in a vacant position in lamp-chimney).
4.Putting the lamp-chimney onto the mounting base, aiming at the bolt hole, then installing the screws.

Technical Details

Monday, 21 January 2019

ඉතාලියේ සමාගමක් පිහිටුවීමට පියවර

ඉතාලියේ සමාගමක් පිහිටුවීමට පියවර


ඔබ සැලසුම් කළ සමාගම පිළිබඳ දත්ත . මෙම සමාගමේ නම, ව්යාපාර කටයුතු සහ ඔබගේ විදේශ ගමන් බලපත්රයෙහි පිටපතක් ඇතුළත් වේ.

ඔබ සඳහා පුද්ගලික බදු හැඳුනුම්පතක් (කෝඩීස් ෆිස්සීලය).

ඔබ නොතාරිස් සමාගමක් පිහිටුවීම සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීමට බලය ලබා දීම සඳහා ඔබ රෝමයට එන්න.

දින 3 කින්, ඔබේ සමාගමේ හිමිකම ලැබෙනු ඇත.

දින 10 ක් තුළ ඔබේ සමාගම බදු බදු අංකය (වැට් අංකය) ලැබෙනු ඇත. මෙම අවස්ථාවේදී, ඔබ නව සමාගම සමඟ ඔබේ ගනුදෙනුකරුවන්ට මුදල් ගෙවීම ආරම්භ කළ හැකිය.

දින 15 ක් තුළ ඔබේ සමාගම වාණිජ මණ්ඩලය තුළ සම්පූර්ණයෙන්ම ලියාපදිංචි වී ඇත.

ඔබගේ බැංකු ගිණුම සඳහා භාවිතා කිරීමට සූදානම් වන දින 25 තුළ.

Saturday, 19 January 2019

තව නොබො දිනකින් ඉතාලි නව රජය මසකට යුරො 780 දිමනාවක් ක්‍රියත්මක වෙයි.

තව නොබො දිනකින් ඉතාලි නව රජය මසකට යුරො 780 දිමනාවක් ක්‍රියත්මක වෙයි.ආදායමක් නැති අය හට සම්පුර්න 780 හිමිවෙන අතර , මසකට 780 වඩා අඩු අයට 780 දක්ව අතිරික්තයතට හිමිකම් ලබයි.

මෙය පවුලෙ සමජිකයන් ගනන අනුව වෙනස් වෙයි.නිදසුනක් හැටියට​....රකියා විරහිත දෙමපියන් සහා යැපෙන්නන් (මව/පියා /දරුවන් 2) යූරො 1630 දක්වා වැඩි වෙ.දෙමාපියන් 2 සහා 1 දරුවෙක් සදහා යූරො1014.

Wednesday, 7 November 2018

ගෙයක් හදද්දි පරිස්සම් වියයුතු බාසුන්නැහේලගෙ උපක්‍රම 9 ක් මෙන්න





දවස පුරා මහන්සි වෙලා වැඩ කරන අපිට දවස අවසානයේ නිවි සැනසිල්ලෙ පැදුරක වැටිල හරි නිදාගන්න තමන්ගෙම කියල නිවසක් තියෙනව නම් ඒක තමා සතුට. නිවසක් ගොඩ නගාගනිද්දි හිතන්න ඕන කාරණා ගැන අපි මීට කලින් කතා කලා මතක ඇති. මේ කියන්න හදන්නෙ ඒ කාරණාත් එක්කම මතක තියාගන්න ඕන බාස්ල කරන හොර වැඩ කීපයක් ගැන. මේ දේවල් ගැන සැලකිලිමත් උනොත් තමන්ගේ නිවස හදන්න වැය වෙන මුදලෙන් සෑහෙන කොටසක් ඉතිරි කරගන්න ඔයාලට පුලුවන් වේවි.
හැබැයි හැම බාස්ම මක බාස් කෙනෙක් නෙවෙයි වගේම හැම බාස් කෙනෙක්ම හොර බාස් කෙනෙකුත් නෙවෙයි කියලත් මතක තියාගන්න. අපි මේ දේවල් කියන්නෙ ඔයාලව දැනුවත් කරන්න. දැනුවත් උනා කියල බාස්ලා දිහා හොරෙක් ගාණට බලන්න යන්න එපා. සැලකිල්ලෙන් ඉන්න. මොකද ජීවිත කාලෙම ඉන්න හිතන් ගේ හදන මනුස්සයව තරහ කරගත්තොත් ඒක ඊට වඩා පාඩුවක්. තමන් නිතර කන්න ගන්න හෝටලේ එක්ක සුහදව ඉන්න ඕන වගේම මේ වගේ කාරණා වලදිත් වැඩ කරන අය එක්ක හිත් අමනාපකම් ඇති කරගන්න එකේ පාඩුව තමන්ටමයි.
1. ගණන් හිලව්
බාස් කෙනෙක් එක්ක කට වචනෙන් නම් ගණන් හිලව් කතා කරන්න යන්න එපා. ගේ හදාගෙන යද්දි මුලින් කියපු ගාණට නම් දැන් අමාරුයි මහත්තයො හැම තැනම දැන් මේ ගාණ තමා කියල රුපියල් 5කින් 10කින් ගණන් වැඩි කරන එක සමහරුන්ගෙ හැටියක්. ඒ නිසා අනිවාර්යෙන් ලිඛිතව අදාල මිල ගණන් සියල්ල ලබාගන්න.
2. වර්ග අඩි සහ දික් අඩි
අපි හැමෝම මේ බිත්ති බැඳිලි උළුවහු තිවිලි වගේ දේවල් ගැන ලොකුවට දන්නෙ නෑනෙ. අන්න ඒ නොදැනුවත්කම බාස්ල ප්‍රයෝජනේට ගන්න අවස්ථා වැඩියි. ලිඛිත සටහනේ දික් අඩියට මිල ගණන් සඳහන් කරපු තැන් බිල හදන කොට වර්ග අඩි ගාණට මාරු වෙනව. මේ නිසා ලිඛිතව දෙන මිල සටහනේ උනත් ඔබට අපැහැදිලි තැන් තියෙනව නම් ඒ දේවල් අහල පැහැදිලි කරගන්න එක වඩාත් සුදුසුයි.
3. හාඩ්වෙයාර් කොමිස්
මේ ගැන අපි කලින් ලිපියෙත් සඳහන් කලා. ගෙයක් හදන්න බාස් කෙනෙක් හොයාගත්තට පස්සෙ බාස් කියන තැන් වලින් බඩු ගන්න යන්න එපා. ඊට කලින් තමන් හාඩ්වෙයාර් එකක් එක්ක කථා කරගෙන මිල ගණන් දැනගන්න. හුඟක් වෙලාවට බාස්ල කොමිස් මුදලක් බඩු වලින් තියාගන්නව. ඔබම ගිහින් ගණන් කථා කරගත්තොත් හාඩ්වෙයාර් වලින් ලැබෙන ඩිස්කවුන්ට් එක වාසිය ඔබට ගන්න පුළුවන්. නැත්නම් ඒක යන්නෙ බාස්ගෙ සාක්කුවට.
4. අනවශ්‍ය අවශ්‍යතා
මේ මොකක්ද මේ? මෙහෙමයි. ඔබ නිවහනක් ගොඩ නගන්නෙ යම්කිසි සැලැස්මකට අනුවනෙ. නමුත් හදාගෙන යද්දි තමන්ටම පේන්න ගන්න යම්කිසි අඩු පාඩු තියෙනව නම් ඒ දේවල් සකස ගන්නව. අපි මේ කියන්නෙ ඒ ගැන නෙවෙයි. වැඩ කරගෙන යද්දි බාස්ල විසින් ඔබට අනවශ්‍ය දේවල් වලට අවශ්‍යතාවයක් මතු කරල ඔවුන්ගේ වැඩ වැඩි කරගන්න අවස්ථා එන්න පුළුවන්. උදාහරණෙකට කිව්වොත් ටයිල් කරද්දි ඔබට ස්කර්ටින් එකක් අවශ්‍ය නැති තැනකට ස්කර්ටින් එකක් අල්ලුවම තවත් ලස්සනයි වගේ දෙයක් කියන්න පුළුවන්. මේ නිසා ඔබේ අවශ්‍යතාවයන් ඔබම හඳුනාගන්න. ඒ අනුව වැඩ කරගන්න. මොකද පොඩි වෙනසක්නෙ කියල හිතුවට ඒ දේවල් වර්ග අඩි, දික් අඩි වෙලා එද්දි අවසානෙදි අමතර ලොකු මුදලක් වැයවෙලා තියෙන්න පුලුවන්.
5. මැනිල්ල ගැන දැනගන්න
බාස්ල අන්තිම මොහොතෙ කරන හොර වැඩක් මේක. හුඟක්ම වෙන්නෙ බිත්ති මැනිල්ලෙදි. බාස් දෙන ගණන් ටික ඒ විදියටම භාර නොගෙන නිවාඩුවක් දාල හරි ආපහු තමන්ම බිත්ති ටික මැනල බලන්න. එහෙම මනින කොට තමා තේරෙන්නෙ ගේ ඇතුලේ නැති බිත්තිත් බිලේ තියෙනවනේ කියල. ඒ නිසා මේ නැවත මැනිල්ල අනිවාර්යෙන්ම කරන්න. මොකද ගෙයක් හදාගන්නෙ විසිකරන්න සල්ලි තියෙනවට නෙවෙයිනෙ. මහන්සියෙන් හම්බ කරන රුපියල හරි වටින්නෙ තමන්ට.
6. බාස්ගෙ රෙකමන්ඩේෂන්
දැන් ඔය බිත්ති ටික බඳින්න එන බාස් ඒ ගමන් කියනව මං දන්න හොඳ ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් ඉන්නව එහෙමත් නැත්නම් ටයිල් බාස් කෙනෙක් ඉන්නව වගේ දේවල්. මේ වගේ වෙලාවල් වලදි වටෙන් පිටෙන් ගණන් අහල දැනුවත් වෙන්න. මොකද ඔහොම කථා කරල දෙන්නෙ කොමිස් මුදලකුත් තියාගෙනමයි බොහෝ වෙලාවට. 30ට කරගන්න පුළුවන් වැඩේ 32ට හරි 35ට හරි කරගන්න ඕන නෑනෙ.
7. ගේ හදන්නෙ ළඟ තැනක නෙවෙයිද?
ඔබට නිතර රැඳෙන්න හෝ වැඩ පල බලන්න විශ්වාසවන්තයෙක්ව රඳවන්න හැකියාවක් නැත්නම් ඔබට මේ ගැන සැලකිලිමත් වෙන්නම වෙනව. මේක නම් හුඟක් වෙලාවට බාස්ට වඩා ගෝලයන් අතින් තමා වෙන්නෙ. සිමෙන්ති කොට්ට, කම්බි රෝල්, කළුගල් වගේ දේවල් අඩු ගාණකට හොරෙන් විකිණීම වැඩ බලන්න කෙනෙක් නැති තැන් වල සිද්ධ වෙනවමයි. ඒ නිසා දවසකට වැඩ කරන පැය ගාණට බඩු වල ක්ෂය වීම බලන්න කෙනෙක් ඉන්නව නම් මෙහෙම දේවල් අවම කරගන්න පුළුවන්.
8. වැලි වලට යට කරන සිමෙන්ති
හවස 5 වෙද්දි වැඩ ඉවර කරන්න බලාගෙන තමා හුඟක් බාස්ල ඉන්නෙ. එහෙම වෙලාවට අනාගත්තු සිමෙන්ති බදාම ටික එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් බදාමය ඉතුරු නම් කරන්නෙ ඒ ටික වැලි ගොඩක් යට ගහල වැඩ ඉවර කරන එක. මේ දේවල් හුඟක් වෙලාවට ඔබට අහු වෙන්නෙ ගේ හදලත් ඉවර වෙලා මිදුල අස් පස් කරද්දි. දන්න කෙනෙක් ගරාජ් එකක් හදල මාස ගාණකට පස්සෙ ගරාජ් එක පිටි පස්සෙන් මිරිස් පාත්තියක් හිටවන්න පොළව කොටද්දි දිය කරල හංගපු සිමෙන්ති කොට්ට බාගයක් විතර හම්බෙලා තිබ්බ. ඔහොම වැඩ වලින් පාඩුව කාටද කියල ආයෙමත් මතක් කරන්න ඕනෙ නෑනෙ.
9. ඇඩ්වාන්ස් දෙන ගාණ ගැන හිතන්න
වැඩ කරන අතර තුර වැඩේට ඇඩ්වාන්ස් එහෙමත් නැත්නම් අත්තිකාරම් හැටියට සැරින් සැරේට බාස්ල අපෙන් මුදල් ඉල්ලගන්නවනෙ. මෙහෙම මුදල් දෙන කොට සාමාන්‍යයෙන් වැඩේට යන මුළු මුදල ගැන ඔයාල දැනුවත් වෙලා ඉන්න ඕනෙ මුලින්ම. මොකද මෙහෙම ගන්න අත්තිකාරම අපි නොදැනුවත්වම දැනට සම්පූර්ණ කරල තියන වැඩේට වඩා වැඩි මුදලක් වෙන්න ඉඩ තියෙනව. එහෙම උනාම එක්කො බාස් වැඩේ කර අරිනව එහෙමත් නැත්නම් අර ගත්තු වැඩි පුර මුදල නොදී හැංගෙනව. ඔහොම දේවල් නම් අනන්තවත් වෙලා තියෙනව ගෙවල් හැදිල්ලෙදි හුඟක් අයට.
සැලකිය යුතුයි – අපි නැවත ඔබට මතක් කරනවා. ලංකාවෙ ඉන්න හැම බාසුන්නැහේම, කොන්ත්‍රාත්කරුවාම මෙහෙම නෑ. අවකව, මහන්සියෙන් මුදල් උපයන අය ඕනෑ තරම් ඉන්නවා. මේ කියන්නෙ ඒ අයටත් නරක නාමයක් ගෙනදෙන සමහර බාස්ලා ගැන විතරයි.

Thursday, 1 November 2018

එජාපය රාජකීය උගුලක හිරවේ.. 5 වැනිදා පාර්ලිමේන්තුවට අතුරු අයවැයක්.. පැරැද්දුවොත් මහ මැතිවරණයක්.. සම්මත උනොත් මහින්ද දිගටම අගමැති

එජාපය රාජකීය උගුලක හිරවේ.. 5 වැනිදා පාර්ලිමේන්තුවට අතුරු අයවැයක්.. පැරැද්දුවොත් මහ මැතිවරණයක්..



නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.
නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

srilanka house builders.. minhara construction

new designs  we can build your house in your land any where in srilanka.... 0094 715337445 0039 3291464725 ( imo)

popular post