Thursday 1 November 2018

එජාපය රාජකීය උගුලක හිරවේ.. 5 වැනිදා පාර්ලිමේන්තුවට අතුරු අයවැයක්.. පැරැද්දුවොත් මහ මැතිවරණයක්.. සම්මත උනොත් මහින්ද දිගටම අගමැති

එජාපය රාජකීය උගුලක හිරවේ.. 5 වැනිදා පාර්ලිමේන්තුවට අතුරු අයවැයක්.. පැරැද්දුවොත් මහ මැතිවරණයක්..



නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.
නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

No comments:

srilanka house builders.. minhara construction

new designs  we can build your house in your land any where in srilanka.... 0094 715337445 0039 3291464725 ( imo)

popular post